පොසොන් උදාවේ පිංකමක් කරගන්න ඉලුකපතන ජයසිංහාරාමයේ අඩුපාඩු රැසක්

58

කෙතරම් අඩුපාඩු තිබුණත් දහම් පාසල පවත්වාගෙනයනවා -විහාරාධිපති බදුල්ලේ දීපාලෝක ස්වාමීන් වහන්සේ

ලුණුගල, ජනතාපුර, ඉලුකපතන, ශ්‍රී ජයසිංහාරාමයේ පවතින අඩුපාඩුකම් නිසා භික්ෂූන්වහන්සේලාට වැඩ සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

විහාරස්ථානයේ කුඩා ආවාසය අබලන්වී පවතින අතර මුළුතැන්ගෙයද කඩාවැටීමට ආසන්නය. විහාරස්ථානය සතුව පවතින්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයේ අබලන් තත්ත්වයේ පවතින බුදුමැදුරකි. විහාරස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු දැක්වූ විහාරාධිපති බදුල්ලේ දීපාලෝක ස්වාමීන් වහන්සේ,ප විහාරස්ථානය අවුරුදු සියයකට වඩා පැරණියි. එකල පැවැති කුඩා ගොඩනැඟිලි මේවන විට ඉතාමත් අබලන් තත්ත්වයේ පවතිනවා. රජයේ ආධාර මත මෑතකදී ධර්ම ශාලාවක් ඉඳිකර තිබෙනවා. භික්ෂූන් වහන්සේලාට වැඩසිටීමට ප්‍රමාණවත් ආවාස ගෙයක් නොමැතිවීම විශාල අඩුපාඩුවක්. තිබෙන ආවාස ගෙය ඉතාම අබලන්. වැස්සට තෙමෙනවා. කොයි මොහොතේ කඩා වැටේදැයි කිව නොහැකියි. මුළුතැන්ගෙයි තත්ත්වයද එලෙසමයි. ආවාස ගෙයක් සහ මුළුතැන්ගෙයක් කඩිනමින් ඉඳිකළ යුතුයි. කෙතරම් අඩුපාඩු තිබුණත් විහාරස්ථානයේ දහම් පාසල පවත්වාගෙන යනවා. ඊට අමතරව අනෙකුත් සියලුම ආගමික කටයුතු බොහෝ දුෂ්කරතා මත ඉටුකරනවා.ප්‍රදේශයේ ජීවත්වන දිළිඳු දායකකාරකාදීන්ට පන්සලට පරිත්‍යාගයන් කිරීම ඉතාමත් අසීරුයි. එබැවින් පන්සලේ අඩුපාඩුකම් හදාගැනීමට හැකි ප්‍රමාණයෙන් පරිත්‍යාගයන් කරන ලෙස ශ්‍රී ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ පරිත්‍යාගයන් කිරීමට කැමති දායක දායිකාවන්ට සිය පරිත්‍යාගයන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ, ලුණුගල ශාඛාවේ 517011500070 ගිණුම් අංකයට බැරකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment