අයි.එම්.එෆ් වැඩට බාධා ආවොත් ආර්ථිකය නරක අතට

70

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවන අවහිරතා මගින් රටේ ආර්ථිකය කෙරෙහි අතිශය අහිතකර බලපෑම් එල්ල විය හැකි යැයි මහ බැංකුව කියයි.

ආර්ථික වර්ධනය එහි අපේක්‍ෂිත මාර්ගයෙන් පිටපැනීම, ආර්ථිකය මත වන විශ්වාසය පළුදුවීම සහ ඍණාත්මක ආයෝජක අපේක්‍ෂා අඛණ්ඩව පැවැතීම යනාදිය හේතුවෙන් එසේ ආර්ථිකයට අතිශය අහිතකර බලපෑම් එල්ල කළ හැකි බව ද මහ බැංකුව කියයි.

ආර්ථිකයේ ඉදිරි ගමනට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යෑම සහ අපේක්‍ෂා කරන ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment