අපේ සාහිත්‍යයේ ඇරඹුමත් මිහිඳු මාහිමි බුදු දහම මෙහි ගෙන ඒමයි

67

ලංකාවේ අඳුරු යුගය පිළිබඳ ප්‍රබන්ධ කථා ලියවූ ඉතිහාසය ආරම්භ වන්නේ ඉන්දීය මහා කාව්‍යය වූ “රාමායන” යෙනි. නියම ඉතිහාස තොරතුරුවලට අප පිවිසෙන්නේ ලංකාවේ ආදිම ඉතිහාස ග්‍රන්ථ හැටියට සැලකෙන පාළි භාෂාවෙන් රචිත දීපවංශය සහ මහාවංශයෙනුත්ය. ක්‍රිස්තු වර්ෂයට පෙර සයවන සියක් වසෙහි දී විජය කුමරු යටතේ මේ දිවයිනෙහි ‘ආර්ය ජනපදයක්’ පිහිටුවූ මුල් පදිංචිකාරයන්ගේ මව්බිම සම්බන්ධයෙන් පඬුවන් අතර එක්තරා මතභේදයක් පවතී. විජය කුමරුගේ අනුවරයින් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය ස්ත්‍රීන් විවාහ කරගත් බැව් කියනු ලැබේ. කල් යෑමේදී ඔවුන් රටේ ජනතාව සමග ආවාහ විවාහ ගනුදෙනු කරන්නටත් ඔවුන් කතා කළ ආර්ය භාෂාව ව්‍යාප්ත කර හරින්නටත් ඇත. ද්‍රවිඩ ආස්වාදය මධ්‍යයෙහි ස්වකීය භාෂාවේ ආර්ය ලක්ෂණ ආරක්ෂා කර ගන්නට හැකි වීම සිංහලයන් තුළ පැවැති උසස් ජාති මමත්ත්වයට දෙස් කියන්නකි.

● භාෂා දියුණුව පිළිබඳ කතා පුවත

භාෂා සාහිත්‍යය පිළිබඳ උගැන්ම අරබයා සිංහල භාෂාවේ වැදගත්කම බෙහෙවින් රඳා තිබෙන්නේ අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ අනුක්‍රමයෙන් එය විකසනය වූ සැටි සෙවිය හැකිවීම නිසාය. මේ දියුණුව අපට අවස්ථා සතරෙක්හි ලා සලකන්නට පිළිවන. 8 වෙනි සියක්වසේ සිට 13 වෙනි සියක්වස දක්වා භාෂාව සමබන්ධයෙන් උගැන්මක් ලබාගැනීමට ආධාර වන්නේ ශිලා ලිපිය. එවැනි ශිලා ලිපි මහත් රාශියක් තිබේ. තවද නව වෙනි සියක්වසේ සිට ඒ කාර්යයට පහසුකම් ලබාදෙන සාහිත්‍ය ග්‍රන්ථයෝ ද වෙති. සිංහලය අද පවතින හොඳින් හැඩගැසුණ ශක්ති සම්පන්න වූ මටසිලිටු භාෂාව වශයෙන් හැඩගැසෙන්නට වූයේ 13 වෙනි සියක්වසේ සිටය.

බුද්ධ ධර්මය හා භාෂා පෝෂණය

ලංකාවේ සාහිත්‍යමය වූ කටයුතුවල ආරම්භය මේ දිවයිනට බුද්ධ ධර්මය ගෙන ඊම සහ එය ප්‍රචාරයත් සමග කිට්ටු සම්බන්ධයක් ගනී. ක්‍රිස්තු වර්ෂයට පෙර සිව්වෙනි සියක් වසෙහි දී මිහිඳු මාහිමියන් විසින් බුද්ධ ධර්මය මේ රටට ගෙනෙන ලදී. තවද, උන්වහන්සේ බෞද්ධ දහම් පොත්පත් සහ ඒවායේ අර්ථ කථා ද මෙහි ගෙනාවාහ. මේවා රචනය කරන ලද්දේ පාළි භාෂාවෙන් හෙයින් සිංහලයන්ට ඔවුන්ගේ මවුබසින්ම තේරුම් කර දෙන්නට සිදුවිය. එසේ තේරුම් කර දෙන ලද කරුණු එකතුවීමෙන් අර්ථ කථා සකස් විය. දීපවංශය සහ මහාවංශය ද ලියූ ලේඛකයන් අපමණ ආස්වාදය ලැබුවේ මේ අර්ථ කතාවලිනි. තවද රාජකීය පුණ්‍ය ක්‍රියා සටහන් කරන ලද “පිං පොත්” වලින් ද ඓතිහාසීය තොරතුරු ලබාගන්නට ඇත. මරණ මඤ්චකයෙහි වැද හෙව සිටි දුටුගැමුණු රජතුමා එවැනි පිං පොතක් කියවා ගනු ලැබූ බැව් මහාවංශය අපට කියයි. (මහා වංශය XXXII25) පාළි ඉතිහාස කථා අවසන් වන්නේ මහසෙන් රාජ්‍යොදයෙනි. (ක්‍රි.ව. 277)

මේ හේතුව නිසා ක්‍රිස්තු වර්ෂය පිළිබඳ තුන්වෙනි සියක් වස වනවිට බුද්ධ ධර්මය පිළිබඳ ගැටලු තැන් විස්තර කිරීමට හා රටේ ඉතිහාසයට අයත් ප්‍රධාන සිදුවීම් සටහන් කිරීමටත් තරම් වන අන්දමින් සිංහල භාෂාව දියුණු වී තිබෙන්නට ඇතැයි අපට සලකා ගන්නට පිළිවන. සිව්වෙනි සියක් වස හරියේ ලියන ලදැයි ශ්‍රැතිය විසින් කියනු ලබන සාහිත්‍ය ග්‍රන්ථ අතරෙහි දළදා වංශය නමැති සිංහල කාව්‍යය ද බුද්ධදාස රජතුමා විසින් රචිත ‘සාරාර්ථසංග්‍රහ’ නම් වූ වෛi ග්‍රන්ථය ද මහා ධම්මකීර්ති නම් වූ තෙර කෙනකු විසින් සිංහලට පෙරළන ලද සූත්‍ර පිටකය ද ප්‍රමුඛස්ථානයට ගැනෙති. මේ එකදු සිංහල ග්‍රන්ථයක්වත් අද දවසේ විiමාන නොවීම අභාග්‍යයකි.

5 වෙනි සියක් වසෙහි බුද්ධඝෝෂාචාරීන් වහන්සේ මේ රටට පැමිණීම හේතුකොටගෙන ලංකාවේ සාහිත්‍ය කටයුතුවලට නව පණක් ලැබිණ. උන්වහන්සේ සිංහල අර්ථ කථා පාළියට පෙරළා ත්‍රිපිටකයට අර්ථ කථා ද විශූද්ධි මග්ග නම්වූ මහා කෝෂ ග්‍රන්ථය ද කළහ. මේ ග්‍රන්ථය අරබයා සිංහලෙන් ලියන ලද විස්තර සන්නයක් විiමාන වෙයි.

ජානකී හරණය

සයවෙනි සියක් වස ආරම්භයෙහි දී කුමාරදාස රජතුමා ‘ජානකි හරණ’ නම් මහා සංස්කෘත කාව්‍යය කෙළේය. මෙය සිංහල කවීන්ගේ ද යුගයක් විය. එවැනි කවීන් දොළොස්දෙනකුගේ නම් පූජාවලිය රාජාවලිය සහ නිකාය සංග්‍රහය ආදී ග්‍රන්ථවල සඳහන් වෙයි. එහෙත් සියබස්ලකර, සිඛවළඳ මිනිස, හෙරණසික, දම්පියා අටුවා ගැටපදය ආදී ග්‍රන්ථයෝ අද දක්වාම විiමාන වෙති.

පළමුවෙනි මහා පරාක්‍රමබාහු රාජ්‍යොදයෙහිදී ඇතිවූ ජාති කෝන්නතියත් සමගම සිංහල සාහිත්‍යය ද විස්මයජනක අන්දමට දියුණු විය. 18 වෙනි සියක් වසේ මුල භාගයෙහි දී ගුරුළුගෝමීන් විසින් අමාවතුර සහ ධම්ම ප්‍රදීකාව ද, ධර්මසේන තෙරණුවන් විසින් සද්ධර්ම රත්නාවලිය ද රචනා කරන ලදහ. මේ වකවානුවෙහිදීම ථූපවංශය හා පූජාවලිය ද විද්‍යාචක්‍රවර්ති විසින් අමෘතාවහ නම් ග්‍රන්ථය ද රචනා කරන ලදහ. මේ යුගයේ ගොතන ලද ගi මෙන්ම පi ග්‍රන්ථයෝ ද අප භාෂාවේ විශිෂ්ටතම කෘතීන් හැටියට සලකනු ලැබේ. සසඳාවත, මුවදෙව්දාවත සහ කව් සිළුමිණ යන පද්‍යයෝ ද ඊට ඇතුළති. සිදත් සඟරාව නම් වූ අපූර්ව ව්‍යාකරණ ග්‍රන්ථය ද 13 වෙනි ශත වර්ෂයට අයත් කෘතියකි. ලෝකෝපකාරය හා දළදා සිරිත ද මේ කාලපරිච්ඡේදයටම ඇතුළත්ය.

සිංහල කාව්‍යයේ ස්වර්ණ යුගය

සිංහල කාව්‍යය පිළිබඳ ස්වර්ණ යුගයට අප පිවිසෙන්නේ 15 වෙනි සියක්වසේ සිටය. ගුරුළුගෝමීන්ගේ මුනුබුරකු වන කවීශ්වර, මියුර සන්දේශය රචනා කළේය. අප භාෂාවේ ආදිම එළිසම කාව්‍යය හැටියට සලකන, මයුර සන්දේශය සන්දේශ කාව්‍ය අතරිනුදු ප්‍රමුඛ ආදර්ශය වෙයි. මෙසමයෙහි විසූ කවීන් අතර ඉතාම දීප්තිමත් තරුව හැටියට බැබළුණ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ සැළලිහිණි සහ පරෙවි යන සන්දේශ කාව්‍ය ද පැරකුම්බා සිරිත සහ කාව්‍යශේඛර යන මහා කාව්‍යය ද ගෙතූහ. වීදාගම තෙරණුවන් විසින් බුදුගුණ අලංකාරය සහ ලෝවැඩ සඟරාව ද, වැත්තෑවේ හිමින් විසින් ගුත්තිල කාව්‍යය ද රචනා කරන ලදහ.

පියුම්මල සහ රුවන්මල, පුරාණ නාමාවලිය ආදී ග්‍රන්ථ ද මොග්ගල්ලාන පංචිකාප්‍රදීපය වැනි ව්‍යාකරණ ග්‍රන්ථ ද මෙසමයෙහි පහළ වූහ.

18 වෙනි ශත වර්ෂයෙහි මුල භාගයෙහි විසූ වැලිවිට සරණංකර සඟ රජතුමන් නිසා යළිත් සිංහල සාහිත්‍යය බැබළෙන්නට විය. සාරථී සංග්‍රහ සහ මධුරාර්ථ ප්‍රකාශිනී යන ග්‍රන්ථ මෙතුමන්ගේ කෘතීන් වූහ. භෛෂජ්ජ මංජූසා නමැති පාළි වෛi ග්‍රන්ථය ද මුන්වහන්සේ විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. කුලතුංග පඬිතුමා මනිචෝර ජාතකය කවියට නැඟීය. සමරජීව පත්තායමේ ලේකම් සහ කටුවානේ දිසානායක යන කවීහූ පිළිවෙළින් කව්මිණි කොමල සහ කව්මිණි මල්දම ද සමරසේකර දිසානායක නමැති කවියා ගංගාරෝහණ වර්ණනාව ද රචනා කළහ. මේ ශත වර්ෂයෙහිදී බිහිවූ වෙනත් සැලකිය යුතු ග්‍රන්ථ අතරෙහි මිලින්ද ප්‍රශ්නය, සුළුබෝධි වංශය, රාජාවලිය, විජිතවැල්ලෙ රාජාවලිය සහ අංකොට හටන, පරංගි හටන, වඩුග හටන, ඇහැලේපොල වර්ණනාව, මහ හටන, ඉංග්‍රීසි හටන සහ සීතාවක හටන ආදී හටන් කාව්‍යයෝ ද වෙති. (භාෂාව යෙදුම මුල් පිටපත)

අපේ සාහිත්‍යයේ ඇරඹුමත් මිහිඳු මාහිමි බුදු දහම මෙහි ගෙන ඒමයි

ස්වර්ගස්ත දේව ධර්මාචාර්ය
එඩ්මන්ඩ් පීරිස්
රාජගුරු ප්‍රසාදීන් වහන්සේ
(1949දී ලියන ලද්දකි)

සංරක්‍ෂණය – නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment