අප කියන දේම කරන්න ණය හිමියන් එකඟ වෙන්නේ නෑ – ජනපති

1

අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යයන් සාර්ථක සිදු කරගත් බවත් ඊළඟට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීම වන අතර මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) පැවසීය. විදේශ ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 08 කින් දීර්ඝ කර තිබෙන බවත් මෙරට සියලුම විදේශ ණය ගෙවා අවසන් කළ යුතු වන්නේ 2043 වසරේදී බවත් ඊයේ සිදු කළ එම විශේෂ ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment