අඹුසැමි දබරය වහගන්න සංයුතිය පිහිටවෙලා

384

මේ අඹුසැමි යුවළ පදිංචිව සිටින්නේ කඩුවෙල ප‍්‍රදේශයේය. බැන්ද දා සිට සතියකට වරක් දෙවරක්වත් ගෙදර රණ්ඩු සරුවල්ය. හේතුව බිරිඳ ගැන සැමියා නිතරම සැක කිරීමය.

 දෙදෙනාම රැුකියාවල නිරත වී ගෙදර එන්නේ වෙන වෙනමය. මේ කියන දවසේත් රණ්ඩුවට මුල බිරිඳ නිවසට ඒම පමාවීමේ සිද්ධියක් ය.

 ‘තමුසෙ පත්තිනි අම්මා වෙන්න හදන්න එපා. මම දන්නවා තමුසෙගෙ පැටිකිරිය‘ අඩව්ව ඇරැුඹුණේ සැමියාගේ එම වචනයෙනි. බට පඳුරට ගිනි ගත්තා සේ අඹුසැමි සටන ඇවිලිණි.

 ‘තමුසෙ පිරිමියෙක්ද ඕයි.’ ඒ වචනය පිට වූ සැණින් ගෑස් ළිප උඩ තිබූ කුකුළු මස් වෑංජනය බිම පුරා විසිර ගියේ ගෑස් කුකරයද බිඳී සීසී කඩ වෙමිනි.

 එසැණින් නිවසේ සීනුව නාද විය. අඹුසැමි දෙදෙනා හනි හනික ඉදිරි දොර අසලට ගියේ නිවසට ආ අමුත්තන් ගැන සිතමිනි.

 ‘අනේ මැඩම්, කොහෙද මේ ? වෙලා’ බිරිඳගේ කාර්යාලයේ ප‍්‍රධානියා සමග සිටි තවත් දෙදෙනකු දුටු බිරිඳටත් සැමියාටත් තරු වීසිවිය.

 ‘බලන්න මැඩම් වෙච්ච දේ… ගෑස් එක පිපිරුවණේ…, මහත්තයයි මායි මේ කෑගගහ බැණ බැණ හිටියේ ගෑස් කොම්පැණි කාරයන්ට’

 රැ කෑමටවත් නොසිට මැඩම් ඇතුළු පිරිස ගිය පසු බිරිඳ කීවේ ‘සංයුතියට පින්සිදු වන්න ජාමෙ බේරුණා’ කියාය.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment