අයහපත් කාලගුණය සහ වෙසක් සතිය නිසා සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

13

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම (ඩැට් දීමනාවට සමාන දීමනාවක්) ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් රට පුරා රෝහල්වල පළාත් මට්ටමින් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ වෙසක් සතිය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සමන්විත වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ලබන 28දාට පෙර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් එදින සිට දිවයින පුරා සියලු රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට සිය සන්ධානය තීරණය කර ඇතැයි එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment