අයිඑම්එෆ් තෙවැනි වාරිකය ලැබුණේ ජනපතිගේ මූල්‍ය විනය හා කැපවීම මතයි – එජාප ජාතික මහ ලේකම් රවී කරුණානායක

24

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මතය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ තත්ත්වයනේ පැහැදිලි වන්නේ ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රටක් ලෙස ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සහ දීප්තිමත් අනාගතයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බව යැයි ද එක්සත් ජාතික පක්ෂ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය මෙසේ අනුමත වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘත්තිය සඳහා අතිශය වැදගත් සහ තීරණාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් එක් කර සිටින බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් කියා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment