නේෂන් කප් නෙට්බෝල් තරගාවලිය 2023 – ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

207

නේෂන් කප් දැල්පන්දු තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් වූයේය.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින කුක් දිවයිනට එරෙහිව 63-52 ක් ලෙස ශ්‍රී ලංකාව එම ජයග්‍රහණය ලබා ගත්තේය.

තරගයේ පළමු කාර්තුවේදී 18 – 11 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර දෙවැනි කාර්තුව 13-15 ක් ලෙස සටහන් විය.

තෙවන කාර්තුවේදී නැවතත් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එය ලකුණු 17 – 10 ලෙස නිමා කර ගත් අතර සිව්වන කාර්තුව 15-16 ක් ලෙස කුක් දිවයින ඉදිරියට පැමිණිය ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි විය.

මෙම තරගාවලියට කණ්ඩායම හයක් සහභාගී වන අතර තරගාවලියේ සිව්වන දිනය අද (25 වැනිදා) වේ. අද පැවැත්වෙන තරග පහත පරිදිය.

ශ්‍රී ලංකා සහ පැපුවානිව්ගිනියා

කැනඩාව හා කුක් දිවයින

සිංගප්පූරුව ‘ඒ’ සහ සිංගප්පූරුව

ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment