අයිඑම්එෆ් නිර්දේශයෙන් විදුලි බිල සියයට 25-30 කින් ඉහළට?

35

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ලංකා විදුලිබල මණ්ඩලය සියයට 25 සිට 35 දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

අදාළ වැඩිවීම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව එකඟ වූ සූත්‍රයට අනුකූලව සකස් කර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීම ඇමැතිවරයාට ඉදිරිපත් කර ඇත.

මෙම වසරේ ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කළ අතර එම නිසා 2022 ට පෙර පරිදිම ලංවිම නැවතත් පාඩු ලැබීමට පටන් ගෙන තිබිණි.

චතුර පමුණුව


advertistmentadvertistment