අයිස් වික්ක හෞතචිකිත්සක

362

කලක සිට හම්බන්තො ඇතුළු ප්‍රදේශ රැසකටම අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරත වු හම්බන්තොට මහ රෝහලේ සේවය කළ භෞත චිකිත්සක වරයා මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සක වරයෙකු ලෙස සේවය කරන සූරියවැව,පොල පහළ පදිංචි කරුවෙකු වු කේ.ප්‍රසාද් ඉංදික නැමති 40 හැවිරිදි එක් දරු පියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment