රජය ඉදිරිපත් කළ අයවැය ලියැවිල්ලට සමගි ජන බලවේගය ආසාවෙන් සිටින නමුත් එය ක්‍රියාත්මක කරයි කියා බියකින් පසුවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට අද එක්වෙමින් මේ බව කීවේය.එනිසා ඔවුන් ආසයි බයයයි බෝට්ටුව වගේ යැයිද කීවේය.තමා එසේ පවසන්නේ මෙතෙක් අය වැය විවාදයට එක්වූ සජබ මන්ත්‍රීවරුන් පැවසූවේ මෙය රනිල් වික්‍රමසිංහගේ අයවැයක්,සමාජවාදය අමතක කළ අයවැයක් ලෙස සඳහන් කරන නිසා යැයිද කීවේය.
|