අරගලකරුවෝ ඉදිරි සැලසුම් හෙළිකරයි

775

රට තුළ පවතින අර්බුදවලට නිසි විසඳුම් ලබාදීම සදහා නිසි වැඩපිළිවෙලක් හඳුන්වාදීමට අරගලකරුවන් ලෙස තමන් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ පවසයි.එහි තරුණ අංශයේ නියෝජිත ඉසුරු චන්ද්‍රසේකර සඳහන් කළේ, අරගලයට වසරක් පිරෙන අද ‍(09) වැනි දිනක සියලු තරුණ තරුණියන්ට සිය පෙරමුණ සමඟ එක්වන ලෙස ආරාධනා කරන බවය.කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉසුරු චන්ද්‍රසේකර එම අදහස් පළ කළේය.”2048 දී මේ රට දියුණු රටක් කියන සුරංගනා කතාව අහපු ගමන් ආය ගිහින් ගෙවල්වල සාමාන්‍ය තත්ත්වයට ඉන්නවා නම් ඒ කරපු අරගලය හා ඒ කැපකිරීම්වල වැඩක් තියෙනවා ද? කියන එක අපි තරුණයින් විදියට මේ රටේ ජනතාවගෙන් අහන්න කැමතියි. සියලු තරුණයින්ගේ වගකීමක් තියෙනවා අරගලයෙන් පස්සේ කොයි විදියටද මේ රට හැදෙන්න ඕනේ කියන එක ගැන. එන එන පාලකයාව ගහලා පන්නන එකට අමතරව මේ රට නැවත ගොඩනගන්නේ කියන එකට ප්ලෑන් එකක් තරුණයෝ විදියට තියෙන්න ඕනේ. එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය විදියට, අපි ඒ කාර්ය භාරය පුළුවන් විදියට ආරම්භ කරලා තියෙනවා. සියලුම තරුණයින්ගෙන් ඉල්ලීමක් කරනවා ඒ කාර්යභාරය සඳහා එකතුවෙන්න කියලා.” යැයි වැඩි දුරටත් ඒ මහතා සදහන් කළේය.


advertistmentadvertistment