කොවිඞ් ආසාදිත ගැබිනි මව්වරුන්ට දරු ප‍්‍රසූතියට රෝහල්වල වෙනම වාට්ටු – විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා

331

කොවිඞ් ආසාදිත ගැබිනි මව්වරුන්ට දරු ප‍්‍රසූතිය සඳහා බොහෝ රෝහල්වල වෙනම වාට්ටු වෙන්කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ‘දිවයින’ට ඊයේ (23 වැනිදා) පැවසුවාය.

එබැවින් දරු ප‍්‍රසූතියට සූදානම් වීමේදී අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නැයි ද ඇය සියලූම ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලා සිටියාය. මේ වනවිට දිවයිනෙන්ම ගැබිනි මව්වරුන් හාරදහසකට (4000) ආසන්න සංඛ්‍යාවකට කොවිඞ් ආසාදනය වී ඇති බවත්, කොවිඞ් වැළඳුණු ගැබිනි මව්වරුන් 850 කට වැඩි පිරිසක් තවදුරටත් රෝහල් තුළ ප‍්‍රතිකාර ලබන බවත් ඇය කියා සිටියාය. එසේම, මේ වනවිට ගැබිනි මව්වරුන් 28 දෙනකු පමණ කොවිඞ් ආසාදනය වී මරුමුවට පත්වී ඇතැයි ද, නිවෙස්වලද ගැබිනි මව්වරුන් පිරිසක් නිරෝධායනයට යොමුකර සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment