අර්බුද නිසා ඇඟලුම් කම්හල් ලංකාවෙන් ඉවත් කර  ගැනීමේ සූදානමක්

1770

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා සියයට 30 ක් පමණ මෙරටින් ඉවත් කර වෙනත් රටවල ස්ථාපිත කිරීමට එම කර්මාන්තශාලා ප්‍රධානීන් සූදානම් වන බව වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ප්‍රකාශ කළේ අපනයන නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම, අමුද්‍රව්‍ය ආනයනය කර ගැනීමට නොහැකිවීම සහ ඉන්ධන හිඟය ඊට හේතුවී ඇති බවයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සමස්ත නිෂ්පාදන කටයුතු සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රභාත් විතාන
 


advertistmentadvertistment