අරුණ දර්ශන බහමාස් යයි

117

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් සොයා සටන් වැද සිටින කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන මේ වන විට බහමාස් රාජ්‍ය වෙත වාර්තා කර තිබේ.

කැරිබියානු මලල ක්‍රීඩා සංගමයේ සහයෝගය ඇතිව උතුරු ඇමෙරිකානු මලල ක්‍රීඩා සංගමය සංවිධානය කර ඇති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්වට සහභාගි වෙමින් තම උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමේ අරමුණ ඇතිව අරුණ දර්ශන මෙහි තරග වැදීමට නියමිතය. අරුණ දර්ශනගේ පුහුණුකරු හා කළමනාකරු ලෙස දමින්ද බණ්ඩාර මහතා බහමාස් තරග සංචාරයට එක්ව සිටී.

කාලිංග කුමාරගේ මෙන්ම අරුණ දර්ශන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉව්වට සහභාගි වීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන අතර එහි ප්‍රතිඵලක් වශයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමට අනුව මේ වන විට පිළිවෙළින් 52 සහ 53 ස්ථාන තහවුරු කර ගෙන ඇත. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉව්වට කැඳවන ක්‍රීඩකයන් සංඛ්‍යාව 48 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment