අරුණ දර්ශන මීටර් 400 අවසන් තරගයත් ජය ගනී

162

චීනයේ දී දැන් ක්‍රියාත්මක 2nd Belt and Road invitation meeting ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් කැපී පෙනෙන්නට අරුණ දර්ශන ඊයේ (28) සවස සමත් වූයේය.

අරුණ දර්ශන මීටර් 400 අවසන් තරගයත් ජය ගනී

මංතීරු අංක 04 න් අවසන් තරග ධාවනයට එක්වූ අරුණ දර්ශන තම ඉසව්ව ජය ගත්තේ තත්. 45.48 ක තරග නිමි කාලයක් සටහන් කර ගනිමින් වීම ඒ අතරේ ඉහළ අගයක් ගත්තේය.

මූලික වටය ජය ගැනීම උදෙසා අරුණ දර්ශන ට ගත වූ කාලය තත්. 46.26 කි.

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිව අරුණ දර්ශන 2nd Belt and Road invitation meeting මලල ක්‍රීඩා තරගාවලියට චීනයේ දී එක් විය.

අරුණ දර්ශන මෙන්ම කාලිංග කුමාරගේ මෙවර මීටර් 400 ජවන ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වරම් ලබා ගැනීමේ උත්සාහයක නිරත වී සිටීම ද විශේෂත්වයකි.

මේ අතර වාරයේ දී ඊයේ පැවැති පිරිමි මීටර් 200 මූලික ඉසව්වේ දී පහසු ජයක් වාර්තා කර ගනිමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට අරුණ දර්ශනට හැකියාව ලැබිණි.

මූලික වටයේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීම සඳහා අරුණ දර්ශනට ගත වූ කාලය තත්. 21.23 කි.

අරුණ දර්ශන තරග වදින මීටර් 200 අවසන් තරගය අද (29) පස්වරුවේ පැවැත්වෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment