අලුතෙන් එන ජනපතිට 2024 නොවැම්බර් වනතුරු පුළුවන්

317

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුව මගින් පත්කරගන්නා ජනාධිපතිවරයාට 2024 නොවැම්බර් දක්වා ජනාධිපති ධුරයේ රාජකාරි සිදුකළ හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඉරිදා දිවයිනට පැවසීය.

පත්වන ජනාධිපතිවරයාට දෝෂාභියෝග වැනි ව්‍යවස්ථානුකූල අභියෝග එල්ල නොවුණහොත් ඔහුට සිය ධුරකාලයේ 2024 නොවැම්බර් දක්වා සිටිය හැකි බවද ඒ මහතා කීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා නොවැම්බර් 18 වැනිදා එම ධුරයේ දිවුරුම් දුන්නේය.

පත්වන ජනාධිපතිවරයාට පවතින පාර්ලිමේන්තුව 2023 මාර්තු මාසයෙන් පසු විසුරුවා හැරීමට අවස්ථාව හිමිවේ. ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගනු ලැබුවත් එයට පත්වී සිටින ජනාධිපතිවරයා පිළිගැනීමක් සිදුනොවන්නේ නම් මහ මැතිවරණයකට යෑමේ අවස්ථාව අහිමිවන බවද පුංචිහේවා මහතා කීය. පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 05 පැවැති අතර එය 2025 අගෝස්තු 05 දක්වා පවත්වාගෙන යා හැක.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment