ශ්‍රී ලංකා පාසල් ප්‍රියර් කුසලාන රග්බි තරගාවලිය
ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන “ප්‍රිමියර් කුසලාන” පාසල් අවුරුදු 19න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ අවසන් තරගයට කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහල වරම් ලබා ගත්හ.
අවසන් පූර්ව වටයේ දී ආනන්ද විදුහල හමුවේ කොළඹ ලුම්බිණි විදුහල ලකුණු 36 – 10 ක් ලෙස ද ශාන්ත බෙනඩික්ට් විදුහල හමුවේ මොරටුව වේල්ස් කුමාර විදුහල ලකුණු 19 – 10 ක් ලෙස ද පරාජය ලැබීය. කොළඹ ආනන්ද සහ කොළඹ ශාන්ත බෙනඩික්ට් යන දෙවිදුහල් අතර ක්‍රියාත්මක කෙරෙන “ප්‍රිමියර් අභියෝග කුසලාන” අවසාන තරගය සෙනසුරාදා (17) ප.ව. 02.00 ට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරේ.
එදින ප. ව. 04.00 ට ආරම්භ කෙරෙන “සභාපති අභියෝග කුසලාන” අවසන් තරගය ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල සහ මහරගම මධ්‍ය මහා විදුහල අතර පැවැත්වේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර