අසාධාරණ පන්දුවක් ගැන මැතිව්ස් ගෙන් හෙළිදරව්වක්

679

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත කණ්ඩායම අසාධාරණ ලෙස නව පන්දුවක් මාරු කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුවක් වූ බව ඇන්ජලෝ මැතිව්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කරයි.තරගයේ තෙවැනි දිනයේදී 41 වැනි පන්දු වාරයේදී එංගලන්ත කණ්ඩායම මෙලෙස පන්දුව මාරු කළ බවත් එහිදී ලබාගෙන තිබුණේ පරණ පන්දුවක් නොව නව පන්දුවක් බවත් එහි දෝලනය වැඩි බවත් ඔහු පවසයි. මේ සම්බන්ධයෙන් විනිසුරුවරුන් දෙදෙනාගෙන් විමසූවිට ඔවුන් පැවසූවේ තරගයේ ඒ මොහොතට ගැලපෙන පන්දුවක් නැති නිසා නව පන්දුවක් භාවිතා කිරීමට අවසර දුන් බව යැයි ද ඇන්ජලෝ මැතිව්ස් සදහන් කරයි.මෙය තමාගේ දැවී යාමට ද එක් හේතුවක් වූ බව ද ඔහු පවසයි.නව පන්දු මාරු කිරීමේ ජාත්‍යන්තර නීති ඉදිරියේදී දැඩි විය යුතු බව ද ඇන්ජලෝ මැතිව්ස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දුරටත් සදහන් කර ඇත.


advertistmentadvertistment