අසිරිමලය වෙරළ තීරයේ ඉදිකළ තපස්සු භල්ලුක මහා සෑය බුදු සසුනට පූජා කෙරේ

1

බුදුරදුන්ගේ කේශ ධාතු රැගෙන නැගෙනහිර වෙරළට ගොඩබට තපස්සු භල්ලුක සිහිවීම පිණිස ගොඩබට ස්ථානය වන පුල්මුඩේ අසිරිමලේ වෙරළ තීරයේ ඉදිකළ තපස්සු භල්ලුක මහා සෑය බුදු සසුනට පූජා කිරීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් ඉකුත් (26දා) සිදු කෙරිණි.

අසිරිමලය වෙරළ තීරයේ ඉදිකළ තපස්සු භල්ලුක මහා සෑය බුදු සසුනට පූජා කෙරේ

අසිරිමලය වන සෙනසුන් සංචිතයේ සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ උතුරු නැගෙනහිර දෙපළාතේ හා තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක හිමිගේ අනුශාසනා පරිදි මෙම චෛත්‍යය ඉදිකර තිබුණි. මේ සඳහා සම්පූර්ණ ඉදිකිරීම් දායකත්වය ලබාදී තිබුණේ ආශා මිනරල් පුද්ගලික සමාගමේ සභාපති තුෂාන් ප්‍රනාන්දු මහතා හා ඉන්ද්‍රා ප්‍රනාන්දු මහත්මියයි. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමුඛ අරහත්ත ධාතුන් වහන්සේලා චෛත්‍ය ගර්භය නිධන් කිරීම මහා සඟරුවනේ දායකත්වයෙන් සිදුවූ අතර කොත පැලඳවීම සහ කොත නිරාවරණය කිරීම තුෂාන් ප්‍රනාන්දු සහ ඉන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සැහැදැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, ත්‍රිකුණාමලය දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි, ත්‍රිකුණාමලයේ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජනක රත්නායක යන මහත්වරුද සහභාගි වූහ.

අසිරිමලය වෙරළ තීරයේ ඉදිකළ තපස්සු භල්ලුක මහා සෑය බුදු සසුනට පූජා කෙරේ
අසිරිමලය වෙරළ තීරයේ ඉදිකළ තපස්සු භල්ලුක මහා සෑය බුදු සසුනට පූජා කෙරේ

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment