උරුගුවායි රටේ ජනාධිපතිව සිටි හෝසේ මුජිකා පසුගියදා අභාවප්‍රාප්ත විය. සාමාන්‍යයෙන් ජනාධිපති කෙනකුගේ මරණය ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් මුජිකාගේ මරණය ප්‍රවෘත්තියක් වන්නේ ඔහු ලෝකයේ දුප්පත්ම ජනාධිපති වූ නිසාය. උරුගුවායි රාජ්‍යයේ ධනපති ආණ්ඩු විරෝධී ගරිල්ලා ව්‍යාපාරයේ නායකයකු ලෙස කටයුතු කළ හෝසේ මුජිකා 1970 දී ගමකට වෙඩි කෑවේය. ඔහු සමග ගරිල්ලා යුද්ධයේ නිරතව සිටි සෙසු සහෝදරවරුන් කල්පනා කළේ ඔහු මිය යන්නට ඇති බවය. කෙසේ වුවත් තම සහෝදර කැරලිකරුවාගේ මළ මිනිය කඳවුරට ගෙන යා යුතු බැවින් කැරලිකරුවෝ හෝසේගේ සිරුර කර තබාගෙන කඳවුරට ගියහ. කඳවුරේ මහ පොළොව මත බාවන ලද කල්හි හෝසේ මියගොස් නැති බව සහෝදර කැරලිකරුවන්ට වැටහී ගියහ. එතැන් සිට ඔහුට ප්‍රතිකාර කරන ලදුව හෝසේ ටික දිනකින් කෙළින් සිට ගත්තේය.
හෝසේ මුජිකා ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ය. ඔහුට කමිස තුනක් සහ කලිසම් තුනක් ද කෝට් එකක් සහ ටයි එකක් ද විය. මඟුල් ගෙදරටත්, මළ ගෙදරටත්, විදේශ අමුත්තන් හමුවීමටත් ඔහු පාවිච්චි කළේ මේ ඇඳුම් ටිකය. ඔහුගේ කබල් කාර් එක ගමනක් යන විට දහ පොළක දී කැඩුණේය. සමහර විට හෝසේගේ ගෝලයෝ රථය තල්ලු කරගෙන ගිය අතර හෝසේ පයින්ම ගෙදර ගියේය. ඔහු ජනාධිපති මන්දිරයේ ජීවත් වුණේ නැත. ඒ වෙනුවට කාමර දෙකක් සහිත කුඩා ගෙයක් ඔහු සිය පදිංචියට තෝරා ගත්තේය. හෝසේ අනුභව කළේ සාමාන්‍ය ජනතාව මාර්කට් එකෙන් ගෙනත් අනුභව කළ ගෝවා, අර්තාපල් සහ මස් වර්ග පමණි. සමහර දාට හෝසේම මාර්කට් ගියේය. ඔහුට ආරක්‍ෂකයෝ නොවූහ. කවුරුත් ඔහු මැරීමට උනන්දු නොවූයේ ඔහු ඉන්තේරුවෙන්ම දුප්පත් අහිංසක මිනිසකු බව දත් බැවිනි. උරුගුවායි යනු ලතින් ඇමෙරිකාවේ තිබූ දරුණුම කලහකාරී රාජ්‍යයකි. හෝසේ ගරිල්ලා ව්‍යාපාරයේ කටයුතු කළ කාලයේ දී උරුගුවායි රටේ හැම කෙනකු අතම පාහේ ආයුධයක් විය. එහෙත් හෝසේ බලයට පත්වීමෙන් පසු ආයුධ අත්හැර දැමූ මිනිස්සු රට තුළ තිබෙන කර්මාන්ත ගොඩනංවමින් ද හැකි පමණින් වගා කරමින් ද, සත්ත්ව ගොවිපළ ව්‍යාපාරයෙහි යෙදෙමින් ද තමන්ගේ පාඩුවේ ජීවත් වීමට පටන් ගත්හ. මේ රටේ මිනිස්සු උස මහත, ශක්තිමත් අය වෙති. එබැවින් ලෝක පාපන්දු පිටියේ දී උරුගුවායි රාජ්‍යය ඉහළම තැනක නිතරම සිටියේය. උරුගුවායි යනු අපරාධ අඩුම රාජ්‍යයකි. සාමාන්‍යයෙන් ලතින් ඇමෙරිකාව වූ කලී අපට සාපේක්‍ෂව ගත් කල අසංස්කෘතික කලාපයකි. එහි ගෑනු ද පිරිමි ද එක ගොඩේ කමින් බොමින් පාටි දමති. එය ස්පාඤ්ඤ බස කතා කරන ලතින් ඇමෙරිකානු ලෝකයේ සිරිතයි. ඉස්සර මෙවැනි සාදයක දී හදිසි ආරවුලක් හටගෙන තිස් හතළිස් දෙනකු මළ නමුත් හෝසේගේ පාලන කාලය තුළ එවැනි ඇබැද්දි කවදාවත් සිදුවුණේ නැත. එයට හේතුව රටේ ජනාධිපතිගේ දේශපාලන සංස්කෘතිය අනුව යමින් ජනතාව ද අහිංසක මිනිසුන් බවට පත්වීමය.
හෝසේගේ ගරිල්ලා ජීවිතය ඉතාම දුෂ්කර එකකි. උරුගුවායි රාජ්‍ය සූරා කෑ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ඔහු සිය ජීවිතය ඇපයට තබා දරුණු ලෙස සටන් කළේය. හෝසේ ජනාධිපතිතුමා චේ ගෙවාරා, ෆිදෙල් කස්ත්‍රෝ වැනි ගරිල්ලා නායකයන්ගෙන් ආභාෂය ලැබූ කෙනෙකි. ඔහු කාටවත් බය වුණේ නැත. ඔහු නිතර කල්පනා කළේ සමානාත්මතාවයත්, සාධාරණත්වයත් මගින් රට සහ සමාජය දියුණු කළ හැකි බවය. ඔහු විදේශ සංචාර කළේ ඉතාම අඩුවෙනි. නිතරම ලතින් ඇමෙරිකාවේ දේශසීමා හරහා තම ලදරන් කාරයෙහි නැඟී විදේශ සංචාරවල යෙදීම ඔහුට සතුටක් විය. ඔහු යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල් තනන මෝටර් රථ කෙරෙහි එතරම් කැමැත්තක් දැක්වූවේ නැත. එහෙත් තම රටවැසියන් එම රියවලට කැමති නම් ඒවා ඔවුන් මිලට ගන්නවාට ඔහු විරුද්ධ වූයේ ද නැත. හෝසේ පිළිබඳ කතාව ලතින් ඇමෙරිකාවේ ජාතක කතාවලින් එකකි. ඒ ජාතක කතාව සෑම කල්හිම ලතින් ඇමෙරිකාවේ චරිත කතාව ද වෙයි.