කෝටි ගණනක කෘෂිඋපකරණ විනාශ මුඛයේ

142

2020 වර්ෂයේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියානයට රජය මගින් ලබාදුන් රුපියල් කෝටි ගණනක් වටිනා ගොවි උපකරණ රැසක් ගොවීන් වෙත ලබා නොදී අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් එම භූමියේ එළිමහනේ දිරා පත්වීමට ඉඩ හැර ඇති අයුරු ජාතික ගොවිජන එකමුතුවේ ක්‍රියාකාරීන් පිරිසකට ඊයේ (04) එහි සිදු කළ සංචාරයකදී අනාවරණය කර ගැනීමට හැකි විය.

ඒවා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගොවීන්ට ලබානොදී නිලධාරින් විසින් තම සන්තකයේ තබා ගෙන සිටීම බරපතළ වරදක් බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු ගොවි නියෝජිතයන් කීපදෙනෙකු එහි සිදු කළ සොයා බැලීමේදී රජය මගින් 2020 වර්ෂයේ හොරොව්පොතාන ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවීන් වෙනුවෙන් වැය කළ මුදල්වලින් මේ වනතුරුත් කිසිදු සෙතක් අත්වී නොමැති බව අනාවරණය වී තිබේ.

කෝටි ගණනක කෘෂිඋපකරණ විනාශ මුඛයේ

හොරොව්පොතාන ගොවීන් අත් විඳිමින් සිටින ගැටලු සොයා බැලීම සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රමුඛ එම සංවිධානයේ සාමාජික පිරිසක් හොරොව්පොතාන ගොවින් හමුවීමට ගිය අවස්ථාවේ ලද තොරතුරක් මත පරංගියාවාඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට කඩා වැදී එය නිරීක්ෂණය කළහ. එහිදී පරංගියාවඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන ගොවි බිම්වලට හා ගොවීන්ට ලබාදීමට එම

මධ්‍යස්ථානය වෙත ලැබුණු ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර, අසවනු නෙළීමේ යන්ත්‍ර (භූතයා යන්ත්‍ර) ඇතුළු කෘෂිඋපකරණ කාබනික දියර පොහොර ,බතල දඬු සහ මඤ්ඤාක්කා දඬු ඇතුළු බොහෝ දේ එම මධ්‍යස්ථානය භූමියේ අනාරක්ෂිතව තැන් තැන්වල දමා ඇති ආකාරය දක්නට ලැබිණි.

එහිදි අදහස් දක්වූ ජාකික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා

පරංගියාවාඩිය ගොවි ජන සේවා මධ්‍යස්ථානය මගින් එම බල ප්‍රදේශයේ ගොවිජනතාව වෙත සෙතක් සැලසෙනවා ද යන්න සැක සහිත බව පැවසීය. මේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍ය සංදර්ශන තියමින් පම්පෝරි ගස ගසා රට වටේ ඇවිද ඇවිද ඉන්නෙ නැතිව සොයා බලන්න ඕන මේවගේ අපරාධ. මේ රටේ කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. ඔහු කරන්නෙ කෘෂිකර්මය නඟා සිටුවීම හෝ ගොවියා ආරක්ෂා කරන එක නොවෙයි. කට්ට ආරක්ෂා කර ගන්නෙ කොහොමද කියන එකයි. කෘෂිකර්මය නගා සිටුවීමගොවීන්ට දිය යුතු දේ නොදෙන මේ වගේ කාර්යාල හා ආයතන මොකටද යයිද වැඩිදුරටත් පැවසීය. මේ අතර එහිදී ගොවීන් සහ ජාතික ගොවිජන එකමුතුවේ සාමාජික සාමාජිකාවන් විසින් පරංගියාවාඩිය ගොවි ජනතාවට මුහුණපෑමට ඇති ගැටලු එම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරීයා වෙත ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේ ඔහු සහ ගොවීන් අතර උණුසුම් සංවාදයක් ඇති වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment