ආපදාවලට මුහුණ දෙන්න මොන්ටානා බළකායත් සහාය වෙයි

168

ආපදා අවස්ථා සඳහා කඩිනමින් මුහුණදීමට ඇති හැකියාවන් වර්ධනය කිරීමට ඇමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය ශ්‍රී ලංකාවට සහාය දීමට ඉදිරිපත්වී තිබේ.

මේ අනුව එම ආරක්ෂක බළකාය එක්සත් ජනපද ෆැසිපික් ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාලදිවයිනේ ජාතික ආරක්ෂක බළකාය ද එක්ව අගෝස්තු 5 සිට 9 දක්වා අභ්‍යාසයකට ද එක්වී එම දැනුම හුවමාරු කර ගැනීමට නියමිතය.

එක්සත් ජනපදයෙන් ආ 70 දෙනකුට වැඩි පිරිසක් සහ C- 130 හර්කියුලිස් ගුවන් යානා දෙකක් ඔවුන්ගේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සගයන් සමග මෙම අභ්‍යාසය සඳහා සහභාගි වනු ඇත.

ඇට්ලස් ඒන්ජල් අභ්‍යාසය නාගරික ප්‍රදේශවල සිදුකරන සහ වෛද්‍ය සහාය ලබාදීම සඳහා සිදුකරන සෙවීම් සහ ගලවාගැනීම් කටයුතු මෙන්ම, ගුවන් යානා ගොඩබස්වන ස්ථානයේ කරගන්නා අලුත්වැඩියා ඇතුළු අභ්‍යාස හයකින් සමන්විත වන අතර එය අගෝස්තු 9 වැනි දින සිදුකරන අර්බුද කළමනාකරණ අභ්‍යාසයකින් අවසන් වේ.

මෙම අභ්‍යාස සැලසුම් කර ඇත්තේ සැබෑ ජීවිතයේ උද්ගත වන ආපදා සඳහා සූදානම් බව සහතික කරගනිමින්, විවිධ අවස්ථා හරහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් පරීක්ෂා කිරීමට සහ වැඩි දියුණු කිරීමටය. ප්‍රධාන අභ්‍යාසයෙන් පසුව, එක්සත් ජනපද ගුවන් හමුදා ශල්‍ය වෛද්‍යවරුන් ශ්‍රී ලංකා හමුදා සහ සිවිල් වෛද්‍ය සගයන් සමග යහපරිච පිළිබඳ දැනුම බෙදාහදා ගනිමින් කොළඹ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දැනුම හුවමාරු සැසියක නිරත වනු ඇත.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය මෙම ආපදා ප්‍රතිචාර සහයෝගිතාවය මෙසේ අගය කළාය. “ආපදාවලට දේශසීමා අදාළ වන්නේ නැහැ. ලොව පුරා ආපදා සිදුවන වාර ගණන සහ ඒවායේ තීව්‍රතාවය වැඩිවෙමින් තිබෙනවා. ආපදාවල හානිය අවම කිරීම, ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සහ කලාපයේ ඔරොත්තු දීමේ හැකියාව සහ සමෘද්ධිය පෝෂණය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවයේ වැදගත්කම හඳුනා ගනිමින්, ආපදා සඳහා සූදානම වැඩි කිරීමට එක්සත් ජනපදය කැපවී සිටිනවා” යැයි කීවාය.


advertistmentadvertistment