එළැඹෙන දීපවාලි උත්සව සමය නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් පෙරේදා (26 දා) හැටන් නගරයේ ආපනශාලා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදි ආපනශාලා හිමියෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ආපනශාලාව පරීක්ෂා කිරීමට ඉඩ ලබා නොදී මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයට සහය දක්වන එම ආපන ශාලාවේ හිමිකරු තමන් හැටන් දික්ඔය නගර සභාවේ අනාගත සභාපතිවරයා බවත්, තම ආපන ශාලාව පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කිසිදු අයිතියක් නොමැති බව පවසමින් ආපනශාලාවේ හිමිකරු තම රාජකාරියට බාධාකළ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය වෙත කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.
එම ආපනශාලාව වෙත ගොස් පරීක්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් අපිරිසිදු ලෙස ආහාර පිළියෙළ කර තිබූ බවත්, ඒවා විනාශ කිරීමට කටයුතු කරන අවස්ථාවේ ආපන ශාලාවේ හිමිකරු පැමිණ තමන් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පහරදීමට තැත්කර තිබූ අපිරිසිදු ආහාර විනාශ කිරීමට ඉඩ නොදුන් බවත්, පසුව පොලිසියේ සහාය ඇතිව පරීක්ෂකවරුන් ආපන ශාලාවෙන් පිටතට පැමිණි බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාමදේවන මහතා කියා සිටී.