යූනියන් බැංකුව 2023 වසර සඳහා ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

43

ශක්තිමත් ජාත්‍යන්තර සමුහයක් වන CG Corp Global (CG) හි අනුබද්ධ සමාගමක් වූCG Capital Partners Pte, සමාගම Culture Financial Holdings Ltd හි හිමිකාරිත්වය හරහා යුනියන් බැංකුවේ බහුතර කොටස් වක්‍රව අත්පත් කර ගැනීම සමඟ යුනියන් බැංකුව 2023 ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

2023 දී ප්‍රගතිශීලී සර්ව ආර්ථික දැක්ම සමඟ මූල්‍ය ක්ෂේත්‍රය වඩා හොඳින් සැරිසැරීමට යුනියන් බැංකුව ස්ථානගත විය. 2023 මූල්‍ය වර්ෂය තුළ බැංකුව ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කළ අතර, සමස්ත ආදායම 18% කින් රුපියල් මිලියන 22,410 ක් දක්වා වැඩි විය.

ශුද්ධ පොලී ආදායම (NII) බැංකුවේ ආදායම වැඩිවීම සඳහා ප්‍රධාන සාධකයක් වූ අතර, එය ණය කළඹ සහ භාණ්ඩාගාර වත්කම්වල වැඩි ප්‍රතිලාභ හේතුවෙන් රුපියල් මිලියන 6,290 දක්වා 8% කින් වැඩි විය. පොලී වියදම් දූරදර්ශීව කළමනාකරණය කිරීමත් සමඟ වත්කම් පොත කාලෝචිත ලෙස ප්‍රතිනිර්මාණය කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) 4.7% විය. ක්‍රෙඩිට් කාඩ්පත්, බැංකු රක්ෂණය, සහ වෙළෙඳ සේවා ක්‍රියාකාරකම් වැඩි වීම මගින් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 5% කින් රුපියල් මිලියන 1,200 දක්වා වැඩි විය.

අපහයනට පෙර බැංකුවේ මුළු මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 8,098 ක් වූ අතර එය 4% ක වැඩිවීමකි. සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ අපහයන ගාස්තුව රුපියල් මිලියන 1,643 ක් විය. උපයෝගිතා ගාස්තු සහ උද්ධමනයේ ප්‍රතිලයක් ලෙස සාමාන්‍ය වියදම්වල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන්, කළමනාකරණ මුලපිරීම් තිබියදීත්, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් මිලියන 5,120 දක්වා 20% කින් වැඩි විය.

බැංකුවේ බදුවලට පෙර ලාභය (PBT) 2023 දෙසැම්බර් 31 වන විට එහි අනුබද්ධ සමාගම් කොටස් ගිණුම් ඇතුළුව, රුපියල් මිලියන 780 දක්වා 119% කින් වැඩි විය. බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) ද රුපියල් මිලියන 379 දක්වා 21% කින් වැඩි විය. සමාජ ආරක්ෂණ බද්ද (SSCL), මූල්‍ය සේවා මත වැඩි කළ වැට් බද්ද සහ ආයතනික බදු අනුපාත වැඩිවීම හේතුවෙන් වසර තුළ බදු ගෙවීම් සැලකිය යුතු ලෙස වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment