ආනන්දයේ තෙහස්ට ලෝක චෙස් ශූරතාව

307

2023 පාසල් ලෝක කුසලාන චෙස් ශූරතාවයේ වයස අවුරුදු 9න් පහළ විවෘත අංශයේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන තෙහස් රිත්මිත කිරින්ගොඩ සමත් වී ඇත. ග්‍රීසියේ රෝඩ්ස්හිදී පසුගිය 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවති මෙම ශූරතාවයේදී තෙහස් විසින් ක්‍රීඩකයින් 61 දෙනෙකු අතරින් ලෝක ශූරතාවය දිනා ගන්නට සමත්ව තිබේ.

තරගාවලියේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා හිමිකම් කීවේ කසකස්තානය නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකි.
කටුනායක .ටීකේ.ඡිී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment