ඇටවීරගොල්ලෑවේ මත්පැන් ස්කාගාරය වැටලීමට ගිය පොලිසියට බාධා කළ කත බඩුත් සමග දැලේ

32

මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ නිවසක නාන කාමරයක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට කළහකාරී ලෙස හැසිරුණු බව කියන කාන්තාවක් මත්පැන් පෙරීම සඳහා සකස් කොට තිබූ ගෝඩා සහ මත්පැන් ඇතුළු පෙරීමේ උපකරණ තොගයක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ආර්.ඩබ්ලිව්. සම්පත් ජයසුන්දර මහතා ඇතුලු‍ පොලිස් කණ්ඩායමක් විසින් එම වැටලීම සිදු කොට ඇත. දීර්ඝ කාලයක සිට සිදු කොට ඇති එම නීති විරෝධී මත්පැන් ජාවාරම පිළිබඳව ලද තොරතුරක් මත පොලිසිය අදාළ වැටලීම සිදු කොට තිබේ. ඒ අනුව රුපියල් දෙලක්ෂයකට ආසන්න වටිනාකමකින් සමන්විත ගෝඩා, කසිප්පු සහ එහි තිබූ පෙරීමේ උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම වැටලීමට ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ සැරයන්වරුන් වන ධර්මරත්න(7959), ජයසිංහ(38786), ප්‍රදීප්(64303), කොස්තාපල්වරුන් වන ප්‍රේමරත්න(59049), ලහිරු(87908) ඒකනායක (87908), කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන

බුද්ධිකා(8818), සිතාරා(9982), අරුණි(9407), යන නිලධාරීහු සහභාගී වූහ. සැකකාර කාන්තාව ඇටවීරගොල්ලෑව පොලිසිය විසින් මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු


advertistmentadvertistment