ජාතික ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය

113

හතළිස් හත් වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) සවස විචිත්‍ර ආකාරයෙන් පැවැත්විණි.

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ, ක්‍රීඩා රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශෙමාල් ප්‍රනාන්දු සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂ න් යන මහත්වරු ද සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

විචිත්‍රවත් සමාරම්භක සංදර්ශනයට නර්තන ශිල්පීන් 1900ක් සහභාගි වූ අතර ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකායේ නර්තන කණ්ඩායම් ද ඊට එක්ව සිටියහ.

තරගාවලියේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ක්‍රීඩා ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව ජාතික හා ජාත්‍යන්තර තරගවලදී මල්ලවපොර සහ ජූඩෝ ක්‍රීඩාවල දස්කම් දක්වා ඇති බස්නාහිර පළාතේ ඊ.එම්.එල්. ප්‍රියංකර සහ ජාතික ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහ මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වෙන් ජයග්‍රහණ අත්පත් කරගත් ශිවන්ති ජයතිලක යන ක්‍රීඩක ක්‍රීඩකාවන් අතින් සිදුවුණි. සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින්, රිටි පැනීමේ ජාතික වාර්තාවට හිමිකම් කියූ ලක්රාණි පෙරේරා ක්‍රීඩිකාව විසින් ක්‍රීඩක ප්‍රතිඥාව ලබාදීම සිදු කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment