ඇමරිකන් ස්වෙච්ඡා ගුරුවරියට අතවර කළ නරුමයා මාට්ටු

1311

මොනරාගල බස් නැවතුම්පොළේ බස්රථයකදී ඇමරිකානු ජාතික 30 හැවිරිදි කාන්තාවකට අතවර කළ සැකකරුවකු ඉකුත් 06 දා මොනරාගල පොලිසිය මඟින් බුද්ධි නිලධාරීන්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත්වූ කාන්තාව බිබිල අධ්‍යාපන කලාපයේ පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස සේවය කරයි. ඇය සේවා ස්ථානයට යෑමට මොනරාගල බස් නැවතුම්පොළේ බස්රථයක සිටියදී බස්රථ පිරිසිදු කරන සේවකයකු විසින් ඇයගේ ඇඟ අතගා අතවර සිදුකර ඇත. සැකකරු 15 කණුව කීනගොඩපාර බකිනිගහවෙල පදිංචි 33 තිස්තුන් හැවිරිදි අයෙකි. සැකකරු ඊයේ (07 දා) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය. මොනරාගල මූලස්ථාන පො.ප. පී. එස්. චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා ප්‍ර.පො.ප. ගමගේ මහත්මිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment