ඇමරිකානු ජනාධිපතිට මරණ තර්ජනය කළ පුද්ගලයාට වෙඩි තබා මරයි

900

ඇමරිකානු ජනපතිට හා උපජනපතිට මරණ තර්ජන කළ අවුරුදු 74ක පුද්ගලයෙකුව එරට ආරක්‍ෂක අංශ විසින් ඔහුගේ නවාතැන් පොළට ගොස් වෙඩි තබා මරා දමා ඇත.

බදාදා දිනයේ ඇමරිකාවේ උටා ප්‍රාන්තයේ එෆ් බී අයි නිලධාරීන් විසින් සිදුකළ වැටලීමේ අතර තුර මෙම සැකකරුව වෙඩි තබා මරා දමා ඇත.

ක්‍රේන් රොබට්සන් නැමැති මෙම සැකකරු පසුගිය කාලයේ ජනපති ජෝ බයිඩන් හා උපජනාධිපති කමලා හැරිස් මරා දැමිය යුතු බවට අන්තර ජාලය ඔස්සේ තර්ජනය කර තිබිණි.

මෙහු ගැන පරීක්‍ෂණ පැවැත්වූ එෆ්.බී.අයි නිලධාරින් මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමේදී මොහුට වෙඩි තබා ඝාතනය කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment