ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණීමට බලාපොරොත්තු වන විදේශීය සිසුන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂාවට ලක් කිරීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.
ඒ අනුව වීසා අයදුම්පත් සමග සමාජ මාධ්‍ය පරීක්ෂාව ද සිදුවනු ඇත. මේ හේතුව නිසා නව ශිෂ්‍ය වීසා සම්මුඛ පරීක්ෂණ නතර කිරීමට නියෝග කර තිබේ. පසුගිය සතියේ ඇමරිකානු රජය හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශිකයන් ඇතුළත් කර ගැනීමේ හැකියාව අවලංගු කළේය. හාවඩ් විශ්වවිද්‍යාලය වාමාංශික වීම ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෝපයට හේතුවක් වී තිබේ.
චතුර පමුණුව