ඇමැතිගේ බිය ගැන්වීම හදිසි විදුලිය මිලදී ගැනීමේ පළමු පියවරයි – විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්

144

සමනල වැවේ ජලය මුදාහැරීමේ ගැටලුවක් මතු කරමින් දකුණු පළාතට විදුලි කැපීමට සිදුවන බවට විදුලිබල ඇමැතිවරයා කළ බිය ගැන්වීම හදිසි විදුලිය මිලදී ගැනීමේ සැලසුමේ මුල් පියවර යැයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (01 දා) පැවසීය.

2016 වසරේ සිට පත්වු සෑම විදුලිබල ඇමැතිවරයකුම සහ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් හදිසි මිලදී ගැනීම්වලට යොමු වූ බවත් එවැනි කරුණු නිසා විදුලි පාරිභෝගිකයන්ට රුපියල් කෝටි 1000 ක පමණ පාඩුවක් සිදුවූ බවත් ඔහු කීය.

විදුලිබල, කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමැතිවරයා එකම කැබිනට් මණ්ඩලයේ සිට සාකච්ඡා කර විසඳා ගත යුතු ගැටලු එළියට පැමිණ පවසන්නේ මහජනතාව නොමග යැවීමට වුවත් ජනතාව නොතේරෙන හිතවත්කම් ඔවුන් අතර ඇති බව ධම්මික මහතා පැවසීය.

දකුණු පළාතට විදුලිය සැපයීම සඳහා ප්‍රධාන සම්ප්‍රේෂණ රැහැන් කෝටි 400 ක් වැයකර ඉදිකර තිබෙන බවත් එය භාවිතා කරන්නේ නම් උතුරු පළාත ඇතුළු අනෙකුත් පළාත්වල නිපදවන වන විදුලිය දකුණු පළාතට ලබාදීමේ හැකියාව පවතින බවත් සංජීව ධම්මික මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment