නියඟය දරුණුයි: විදුලිය කප්පාදුව හැර විකල්පයක් නෑ – ලංවිම ඉංජිනේරුවෝ කියති

263

පවතින වියළි කාලගුණ තත්ත්වය මත ඉතා නුදුරේදීම යළිත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බව ලංවිම ඉංජිනේරුවෝ පවසති.

සමනළ වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීම නිසා දකුණු පළාතට දිනකට පැය 4 ක් විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය දිනෙන් දින අඩුවෙමින් තිබෙන නිසා බව ද ඔව්හු පවසති.

මේ වනවිට පෞද්ගලික ඩීසල් බලාගාර හා අනෙක් සියලු බලාගාරවලින් විදුලිය ලබාගනිමින් පැය විසිහතර පුරා අඛණ්ඩව විදුලිය ලබාදෙන බව ද, ඉන්ධන මගින් රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම නිසා මෙම වසරේ ලංවිම පාඩුව රුපියල් කෝටි පන්සියයේ සීමාව ඉක්මවා යන බව ද ඉංජිනේරුවෝ කියා සිටිති. මේ හේතුවෙන් පවතින නියඟය නිසා විදුලි කපාහැරීම මිස වෙනත් විකල්පයක් නැතැයි ඔව්හු අවධාරණය කරති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment