ඇමෙරිකා – චීන වෙළඳ සාකච්ඡා ගොඩ !

64

චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම ස්විට්සර්ලන්තයේ පැවති දෙරට අතර වෙළඳ සාකච්ඡාවලදී ප්‍රගතියක් ලබා ඇතැයි බිබිසි ( B B C ) පුවත් සේවය වාර්තා කර තිබේ . ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට තීරු බදු පනවනු ලැබු අතර එහිදී වඩාත් අර්බුදකාරී තත්ත්වය මතු වූයේ  චීනයට ද එම තීරු බදු පැනවීමත් සමගය .මේ සාකච්ඡා පැවැත්වෙන්නේ එම අර්බුදකාරී තත්ත්වය මැදය .

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විදෙස් මාධ්‍යට පවසා තිබුණේ , සාකච්ඡා “ඵලදායී සහ ඵලදායී” බවය . චීනයේ උප අගමැති හේ ලයිෆෙන්ග් පැවසුවේ සාකච්ඡා “ගැඹුරු” සහ “අවංක” බවය.

ඇමෙරිකානු ධවල මන්දිරය එය “වෙළඳ ගනුදෙනුවක්” ලෙස හැඳින්වූ නමුත් වැඩිදුර විස්තර ලබා දුන්නේ නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . සම්පූර්ණ විස්තර සහිත ඒකාබද්ධ ප්‍රකාශයක් අද ( 12 ) නිකුත් කිරීමට නියමිත යැයි එම වාර්තා පෙන්වා දී තිබේ . 

 එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ  චීනයේ උප අගමැති හේ ලයිෆෙන්ග්  සති අන්තය පුරාම රහසිගත සංවෘත සාකච්ඡාවල නිරත ව සිටියේ යැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ


advertistmentadvertistment