ඇෆ්ගනිස්ථානයට ඕස්ට්‍රේලියාව පරදී

447

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි අට වටයේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැති තරගයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 21ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 148ක් ලබාගත්තේය.ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 19.2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 127කි.ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රහමනුල්ලා ගුර්බාස් 60ක් සහ ඊබ්‍රහිම් සද්රාන් 51 ලෙස ලකුණු ලබා ගත්හ.ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 59ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment