ඉන්ටර් සිටි බස් ධාවනයට අධිකරණ නියෝගයක්

2040


අද සිට අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වැනිදා පවත්වන බව දැනුම් දුන් අභියාචනාධිකරණය එදින ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් තිස් තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment