ඉන්දියානු සාගර සම්මේලනය ඇමැතීමට ජනපති එමීර් රාජ්‍යයට

174

රටවල් 47 ක සහභාගීත්වයෙන් අබුඩාබිහිදී ලබන මස 4, 5 දෙදින පැවැත්වෙන ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිය ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය.

මේ සඳහා සහභාගී වන්නැයි ජනාධිපතිවරයාට ආරාධනාවක් ලැබී ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දෙසැම්බර් 4 වැනිදා ආරම්භක සැසිවාරය ඇමතීමට නියමිත බවත් පසුදින (5 දා* එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායක අල් නයන් කුමරු සමග සාකච්ඡුාවක් පැවැත්වෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙම සම්මේලනයේ සංවිධායක කමිටුවේ සභාපති ධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරණ අතර උප සභාපතිවරු වශයෙන් ඉන්දීය, ඕමාන්, සිංගප්පූරු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරුන් කටයුතු කරනු ඇත.

පරිසරය, ආර්ථිකය හා වසංගතය යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙම සම්මේලනය ශී‍්‍ර ලංකාවට විශේෂයෙන් වැදගත් වනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

අනුර බාලසූරිය
 


advertistmentadvertistment