ඉන්දීය ආරක්ෂක උපදේශක ජනපති හමුවෙයි

107

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබේ. දෙරට ක්‍රියාත්මක ආර්ථික සහයෝගීතාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ද සහභාගී වී තිබේ.


advertistmentadvertistment