ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට හටගෙන ඇති යුදමය වාතාවරණයෙන් දඹදිව වන්දනා කිරීම සඳහා බලපෑමක් නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
දකුණු දිග කාශ්මීරයේ පෙහෙල්ගාම්හි පසුගියදා සංචාරකයන් එල්ල කර සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් 26 දෙනකු ඝාතනයට ලක්වීමත් සමග එහි වගකීම පාකිස්තානයට ද එල්ල කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබිණි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානය පසුගිය 24දා සිට ඉන්දීය යානාවලට සිය ගුවන් කලාපය වසා දැමූ අතර ඊට ප්‍රතිචාර ලෙස පෙරේදා (30දා) සිට පාකිස්තාන ගුවන් යානා සඳහා ඉන්දීය ගුවන් කලාපය ද වසා දැමීමට ඉන්දියාව පියවර ගත්තේය.
කෙසේ වෙතත් දෙරටේ යුදමය වාතාවරණය දඹදිව වන්දනා සඳහා බාධාවක් නොවන බව මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.
සුජීව තත්සර