සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ දෙකක් වත්තේගම නගර ශාලාවේදී හා පානදුර රාජකීය විද්‍යාලයේදී

31

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ විසි අටවැනි හා විසිනව වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ අගෝස්තු 11 වැනි සිකුරාදා (අද) දින වත්තේගම නගර ශාලාවේදී පැවැත්වේ. සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට කැන්ඩොස් චොක්ලට් අනුග්‍රාහක දායකත්වය දක්වන අතර අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. ජී. මායාදුන්නේ මහතාගේ අනුමැතියෙන් සහ වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එම්. ටී. එන්. ගුණරත්න මහතා, වත්තේගම නගර සභා ලේකම් පී. එස්. ඩී. මඩුගල්ලේ මහතා හා වත්තේගම නගර සභාවේ පුස්තකාලාධිපති ඉන්ද්‍රානි අමරදාස මහත්මිය මූලිකත්වය ගෙන කටයුතු කරති.

අගෝස්තු මස 12 වැනි සෙනසුරාදා පානදුර රාජකීය විiාලයේ පැවැත්වීමට නියමිත මෙම සම්මන්ත්‍රණය සඳහා ඊධක්‍ රන්කැකුළු සහ කැන්ඩොස් චොක්ලට් අනුග්‍රාහක දායකත්වය දක්වනු ලබයි. මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය කළුතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ බී. වී. එම්. ඩබ්. කුමාරසිරි මහතාගේ අනුමැතියෙන් සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment