ඉන්දු – පාකිස්තාන යුද්ධය වළක්වන්නැයි ඉල්ලීමක්

161

පහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉන්දියාව හා පාකිස්තානය අතර හටගෙන ඇති යුද උණුසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී පෙරේදා (05දා) රැස්වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පවතින ආතතිය ලිහිල් කර යුද්ධයක් ඇතිවීම වළක්වන ලෙස දෙරටින්ම ඉල්ලීමක් කර තිබේ.

ඉන්දීය වැසියන් 26 දෙනකුට මරු කැඳවමින් එල්ල වූ පහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක් හටගැනීමේ අවදානම ඉහළයෑම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් දෙරටින්ම යුද්ධයක් ඇති වීම වළක්වා ගන්නා ලෙස ඉල්ලීම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර රොයිටර් පුවත් සේවයට අනුව ඉකුත් තෙදින තුළ පාකිස්තානය විසින් මිසයිල දෙකක් අත්හදා බලා තිබූ අතර ඊයේ (06දා) දිනයේ ඉන්දීය රජය විසින් රට පුරා ප්‍රාන්ත ගණනාවක සිවිල් ආරක්ෂක හමුදා අභ්‍යාස පැවැත්වීමටත් ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන් නළා හඬවමින් ජනතාව ප්‍රදේශවලින් ඉවත් කිරිමේ සැලසුම් ප්‍රකාශයට පත්කර තිබිණි. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී පහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරය ජාත්‍යන්තරය සම්බන්ධ ක්‍රියාවක් බවට පෙන්වීමට පාකිස්තානය විසින් දැරූ උත්සාහය ව්‍යර්ථවී ගොස් ඇති බවත් කිසියම් ගැටලුවක් ඇතිනම් ඉන්දියාව සමග සාකච්ඡා කර විසඳාගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය විසින් පාකිස්තානයට දැනුම් දී ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් ද පවසා ඇත්තේ ඉන්දියාව හා පාකිස්තානය යුද්ධයක් ඇතිවීම වළක්වාගත යුතු බවයි.


advertistmentadvertistment