සුදු ඩීසල් රු. 10කින් – සුපර් ඩීසල් රු. 3කින්
භූමිතෙල් මිල වෙනසක් නෑ
මාසික මිල සූත්‍රයට අනුව පෙරේදා (31 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 332 කි. 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 377 කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 30කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 352 කි.
භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අතර පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
සිපෙට්කෝ මිල ගණන් අනුව ලංකා අයි.ඕ.සී. සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම් දී ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා