මඩකලපුව, එරාවුර් පොලිස් වසමට අයත් මක්කාමඩ් හරස් පාරේ පිහිටි නිවසක ළිඳට වැටීමෙන් එම නිවසේ මොහොමඩ් සජිත් මෙහ්රිස් අයිරා නම් අවුරුදු 2ක දැරියක් පෙරේදා (13දා) සවස ජීවිතක්ෂයට පත්විය.
දැරියගේ පියා කල්මුණේ අවන්හලක සේවය කරන අයෙකි. තම මව සමග මෙම දැරිය නිවසේ සිට ඇත. දැරිය ළිඳ අසල ඉනිමඟකට නැගීමේදී ළිඳට වැටී මරණය සිදුවී ඇත.
අසල්වැසියන්ගේ සහාය ඇතිව ළිඳෙන් ගොඩගත් දරුවාගේ සිරුර එරාවුර් මූලික රෝහලට රැගෙන යන ලදී. එරාවුර් පොලිසියේ පරීක්ෂණවලින් පසුව, දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නසීර් මහතා විසින් මරණ පරීක්ෂණය පවත්වන ලදී. එහිදී තහවුරු කරන ලද්දේ මරණය සිදුවී ඇත්තේ ළිං වතුරට වැටීමෙන් සිදු වූ අනතුරකින් බවයි. ඉන්පසු දරුවාගේ දේහය ඔහුගේ දෙමව්පියන්ට භාර දී පසුව භූමදාන කරන ලදී.
මඩකලපුව – ටී. එල්. ජව්ෆර්කාන්