ඊයේ රාත්‍රී සිට බස් ගාස්තු 5% කින් පහළට

23

බස් ගාස්තුව ඊයේ (01දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28කි. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන බවද හෙතෙම කීය.

මෙම සංශෝධනයට අනුව සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී සහ සාමාන්‍ය පෞද්ගලික සහ ශ්‍රී ලංගම මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල ද ගාස්තු අවස්ථා 350 ම පහළ බසී.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment