ඊ-ග්‍රාම නිලධාරියේ කෝටි 146ක් ඉතිරි වෙලා

152

ඊ-ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රුපියල් එකසිය හතලිස් හය කෝටි විසිහයලක්ෂ පන්දහස් එකසියදොළහක (1,462,605,112) මුදලක් ඉකුත් වර්ෂය (2023) වන විට ඉතිරිව පවතින බව අනාවරණය වී ඇත.

මෙකී ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි එකසිය පනහක මුදලක් (1,500,000,000,) වෙන් කර තිබුණි. මෙකී ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2017 වර්ෂයේ සිට දිගින් දිගටම ප්‍රතිපාදන ඉතිරි වී ඇති බව හෙළිවී තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවකට අනුව මෙම ව්‍යාපෘතියට අදාළව ප්‍රචාරණ හා සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමේ කාර්යය වැට් රහිතව රුපියල් දෙකෝටි පනස්හත්ලක්ෂ හැටදෙදහස් හාරසිය හැත්තෑ හතරක (25,762,474) මුදලකට සැලසිනේ ආයතනයට පවරා තිබුණි. එහෙත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ වගන්තිය ප්‍රකාරව ගිවිසුමකට එළඹ නොතිබුණි.

ගෙවීමේ සුරක්ෂිතතාවයක් ඉදිරිපත් නොකර තිබියදීත් ගිවිසුම් මුදලින් සියයට පනහක අත්තිකාරම් මුදලක් වැට් සහිතව රුපියල් එක්කෝටි තිස්නවලක්ෂ එකොළොස්දහස් හත්සියහයක මුදලක් (13,911,736) සැලසිනේ ආයතනයට ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ විවිධ රාජ්‍ය සේවාවන් සමග සම්බන්ධ වූ තහවුරු කරන ලද විශාල දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment