රාජ්‍ය ඇමැතිවැන් දෙදෙනාගේ හඬපට එළියට…. මම ඇමැතිකමේ ඉන්නෙත් කලකිරීමෙන් – රාජ්‍ය ඇමැති නිමල් ලන්සා

364

පුත්තලම් දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට දුරකථනයෙන් බැණ තර්ජනය කිරීමේ සංවාදයක් අඩංගු හඬපටයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ඒ පිළිබඳව දැඩි ආන්දෝලනයක් ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතර හටගෙන තිබේ.

මෙහිදී පුත්තලම් දිස්ති‍්‍රක් නායක සනත් නිශාන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට බැණ තර්ජනය කරන්නේ මෙලෙසිනි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත,

‘මගේ ආසනයේ ශී‍්‍රලනි පක්‍ෂයේ අයට කියලා පාරවල් හදවලා අපේ පාරවල් ඔක්කොම නතර කරලා. මම මාධ්‍ය සාකච්ඡුාවක් තියල උඹට ගහනවා. උඹ මම කියන දේ අහගෙන ඉන්නෙ නෑනේ. කුඩුපට්ටම් වෙන්න ගහනවා උඹට. මම උඹට ආයෙ කියන්නෙ නැහැ. හෙට කරුවලගස්වැව ආනන්ද සරත් කුමාර මුල්ගල තියනවා රණවරාපිටිය පාරට. ඒක තිබ්බොත් මම උඹට මාධ්‍ය සාකච්ඡුාවක් තියලා ගහනවා. උඹ මතක තියාගනින්.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදුන් අයුරු ද අන්තර්ජාලයේ පළවී තිබුණේ මෙලෙසිනි.

සනත් නිශාන්ත ඇමැතිතුමා මට කෝල් එකක් දෙනවා. මං ගද්දිම ඒක කට් වෙනවා. එයාම එයාගේ ෆෝන් එකෙන් රෙකෝඞ් කරලා මට එවනවා එවලා තර්ජනය කරනවා පාර පටන් ගන්න එපා කියලා. පටන් ගත්තොත් බලාගමු කියලයි කිව්වේ. ඒ හඬපටය තමයි ඔය යන්නේ. එතුමා තමයි කියන්නේ පුත්තලම් දිස්ති‍්‍රක්කයේ නායකයා. එයා කියනවා කව්රු මහජනතාව එව්වත් කවුරු ආගමික නායකයෝ එව්වත්, මහජන නියෝජිතයෝ එව්වත් එයාගෙන් අහන්නේ නැතුව කරන්න බැහැ කියලා.

මම ඇමැතිකමේ ඉන්නේ කලකිරීමෙන්. මම ඒ සම්බන්ධයෙන් පසුවට ප‍්‍රකාශයක් කරන්න ඉන්නේ ජනාධිපතිතුමා හමුවුණාට පස්සේ.

අකිත පෙරේරා සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment