උකුල් අස්ථීය ගෙවී යෑම හේතුවෙන් නව අස්ථි කොටසක් ශෛල්‍ය කර්මයක් මගින් බද්ධ කිරීමට සිදුව ඇති බවත්, ඒ සඳහා රු. ලක්ෂ 14 ක මුදලක් සොයා ගැනීමට සිදුව ඇති හෙයින් ඒ සඳහා උදව් කරන මෙන් හාලිඇල කන්දගෙදර පදිංචි අර්. එම්. ඒ. ප්‍රසාදිකා මහත්මිය පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටී.
හාලිඇල කන්දේගෙදර පදිංචි ආර්. එම්. ඒ. ප්‍රසාදිකා මහත්මිය වයස අවුරුදු 30 ක තිදරු මවක් වන අතර ඇගේ සැමියාටද ස්ථිර රැකියාවක් නොමැත. ප්‍රසාදිකා මහත්මිය කලක පටන් වම් පාදයේ රෝගී තත්ත්වයකින් පෙළී ඇති අතර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමෙන් පසු වෛද්‍යවරුන් පවසා ඇත්තේ වම් උකුල් අස්ථීය ගෙවී ඇති නිසා කෘතිම අස්ථි කොටසක් ශෛල්‍ය කර්මයක් මගින් සම්බන්ධ කළ යුතු බවය. මේ සඳහා ලක්ෂ 14 ක මුදලක් වැය වන බවද ඔවුන්ට සෞඛ්‍ය අංශ මගින් දන්වා ඇත.
මෙවන් විශාල මුදලක් තමන්ට සොයා ගැනීමට අපහසු බව පවසන ප්‍රසාදිනි මිය මේ සඳහා පරිත්‍යාගශිලීන්ගේ උදව් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටී. ප්‍රසාදිනී මහත්මියගේ දුරකථන අංකය – 077 9947654 වන අතර බැංකු
ගිණුම් අංකය – 109354641511 සම්පත් බැංකුව බදුල්ල ශාඛාවය.
බොරලන්ද – සමන්ත කුමාර