උතුරේ ධීවර ප‍්‍රශ්නය විසඳන්න ඉන්දීය මහ කොමසාරිස් මැදිහත්වෙයි

178


ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අසාධාරණකම් වහාම නතර කිරීමට අවසන් න්‍යාය පත්‍රයක් සකස් කිරීමට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය මහ කොමසාරිස්වරයා හමු වීමෙන් පසුව කළ සාකච්ඡාවේදී මේ බව ඔහු ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

මේ ප්‍රශ්නය අවසන් කිරීම සදහා අවශ්‍ය න්‍යාය පත්‍රයක් වහාම සකසා ඉන්දීය රජය සමග ඒ පිළිබදව සාකච්ඡා කොට යම් විසදුමකට එළඹෙන බවටද ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කොට තිබේ.


advertistmentadvertistment