එළ ගවයෙක් සොරකම් කළ කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

125


නිවාඩුවක් ගත කිරීමට සිය නිවසට පැමිණ සිටින අතරතුර පදවිය ශ්‍රී පුර අභයපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සතු රුපියල් හැට පන් දහසක් පමණ වටිනා එළ ගවයෙකු සොරකම් කළ බව කියන උතුරු පළාතේ යුද හමුදා කදවුරක සේවයෙහි නියුතු යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු පදවිය පොලිසිය මගින් ඊයේ සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එ් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශන වලින් පසු අනාවරණය වූ තොරතුරු මත පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment