උතුරේ සිට බෝට්ටුවලින් ඉන්දියාවට පලා යන පිරිස අත්අඩංගුවට

122

උතුරේ සිට බෝට්ටු වලින් ඉන්දියාවට පලා යන පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ වැඩ පිළිවෙළක් යොදා ඇති නමුත් එම නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගසා මන්නාරමේ වැසියන් 11 දෙනකු ඉන්දියාවේ තමිල්නාඩුව වෙත ගොස් තිබේ.

මන්නාරමේ සිට තමිල්නාඩුව වෙත බෝට්ටුවක ආධාරයෙන් ගිය පිරිස එම බෝට්ටුව තමිල්නාඩුවේ මුහුදු වෙරළක අතහැර දමා තිබියදී වෙරළාරක්ෂක නිලධාරීන්ට හමු වී තිබේ. ධීවර බෝට්ටුවක ආධාරයෙන් පලාගිය පිරිස අතර පිරිමි 4 දෙනකු හා කාන්තාවන් 7 දෙනකු සිටි අතර ඔවුන්ව තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සරණාගත කඳවුරු බලධාරීන් වෙත භාර දී තිබේ. මේ වන විට උතුරු පළාත අතහැර ඉන්දියාවේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයින් 69 දෙනකු බෝට්ටු වල ආධාරයෙන් ඉන්දියාව වෙත ගොස් ඇත.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment